හිටපු ප්‍රබල පිතිකරුවෙක් LPL විස්තර විචාරක කමිටුවෙන් ඉවත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයට එක්වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් ඉන් ඉවත් වී තිබෙනවා.
ඒ අනුව මීට පෙර සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විතව නම් කර තිබූ විස්තර විචාරක කමිටුවට මේ වන විට ඇතුළත්ව සිටින්නේ සාමාජිකයින් 5 දෙනෙකු පමණයි.
ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් ද මෙම විස්තර විචාරක කමිටුවට ඇතුළත්.
එමෙන්ම ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරු ද එල්.පී.එල් තරගාවලියට විස්තර විචාරකයින් ලෙස එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔවුන්ට අමතරව පාකිස්තානයේ අමීර් සොහෙයිල් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩැරන් ගංගා ද LPL තරගාවලියේ විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිනවා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.