Ultimate magazine theme for WordPress.

හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරුවා ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙරට පළමු පෙල තරගවල වැඩිම ලකුණු ලාභියා (14940) වන 38 හැවිරිදි පරණවිතාන ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2009 වසරේ පාකිස්තාන තරග සංචාරයේ දී යි.

එහි පළමු තරගයට ක්‍රීඩා කළ ඔහු පළමු ඉනිමේ දී පළමු පන්දුවෙන්ම දැවී ගියා.

දෙවැනි ඉනිමේ දී තරංග පරණවිතාන ලකුණු 9ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.

අනතුරුව දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හී දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ.

එහිදී තරංග පරණවිතාන ද තුවාල ලැබුවා.

ටෙස්ට් තරග 32කට ක්‍රීඩා කර ඇති තරංග එහිදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 1792ක්.

Leave a comment