හෆීස් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරයි – රිස්වාන් A කාණ්ඩයට

2020/21 තරග වාරයට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් මොහොමඩ් රිස්වාන්ට A කාණ්ඩය දක්වා උසස් වීමක් හිමිව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
එම කාණ්ඩයට අයත් සම්පූර්ණ ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.
A කාණ්ඩයට අයත් සෙසු ක්‍රීඩකයින් වන්නේ නායක බබාර් අසාම්, අසාර් අලී සහ ශහීන් ශාහ් අෆ්රිඩි යන ක්‍රීඩකයින්.
ෆවඩ් අලාම්ට ද C කාණ්ඩය දක්වා උසස් වීමක් ලැබී තිබෙනවා.
මොහොමඩ් හෆීස්ට ද C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමට තීරණය කර තිබුණ ද එය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.
Pakistan Men’s Men’s Central Contract List 2020-21:
Category A: Azhar Ali, Babar Azam, Mohammad Rizwan, Shaheen Shah Afridi
Category B: Abid Ali, Asad Shafiq, Haris Sohail, Mohammad Abbas, Sarfaraz Ahmed, Shadab Khan, Shan Masood, Yasir Shah
Category C: Fakhar Zaman, Fawad Alam, Iftikhar Ahmed, Imad Wasim, Imam-ul-Haq, Naseem Shah, Usman Shinwari
Emerging Players’ Category: Haider Ali, Haris Rauf, Mohammad Hasnain