Ultimate magazine theme for WordPress.

හෆීස් ඇතුළු තවත් පාකිස්තාන ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වැළදෙයි

තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

ෆකාර් සමාන්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් රිස්වාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හෙයිදර් අලී, ශඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් යන ක්‍රීඩකයින් ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව ඊයේ (22) දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

සහය කාර්ය මණ්ඩළ නිළධාරියෙකුට ද මෙම වෛරසය ආසාදනය වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ නමුත්, වෛරසයට ගොදුරු වූ ක්‍රීඩකයින් ඊට එක්වීම සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ සැකසහිත බවක්.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ පෙර සැලසුම් කළ පරිදි වෛරසය ආසාදනය වී නොමැති ක්‍රීඩකයින් එළඹෙන 28 වනදා එංගලන්තය බලා පිටත්ව යන බවයි.

Leave a comment