Ultimate magazine theme for WordPress.

හෆීස්ට කොරෝනා බව යළි තහවුරු වෙයි – විනය ක්‍රියාමාර්ගත් ගැනීමේ තීරණයක්

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට යළිත් තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගෙන් පසුගියදා ලබා ගත් සාම්පල යළිත් වරක් පරීක්ෂා කිරීමේ දී මේ බව තහවුරු වී ඇති බවයි.

මොහොමඩ් හෆීස් ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

නමුත් පසුව මොහොමඩ් හෆීස් විසින් පෞද්ගලික අවශ්‍යතාවය මත සිය පවුලේ සියලු සාමාජිකයින් සමග යළිත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වූ අතර, එහිදී අණාවරණය වූයේ ඔවුන් කිසිදු අයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

ඒ අනුවයි ඔහුගෙන් පළමුව ලබා ගත් සාම්පල යළි පරීක්ෂාවකට ලක් කර තිබුණේ.

මේ අතර, වෛරසය ආසාදනය වූ සියලු දෙනා යළිත් වරක් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා.

එහි වාර්තා අද(27) දිනයේ දී ලැබීමට නියමිතයි.

එහිදී ද මොහොමඩ් හෆීස්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, පළමු වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව හුදෙකලාව කාලය ගත නොකර දෙවැනි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට ඔහු ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන්.

Leave a comment