Ultimate magazine theme for WordPress.

හෂාන් තිලකරත්නට බංග්ලාදේශයෙන් තනතුරක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාර ගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වසර දෙකක කාලයක් සදහා ඔහු එම ධූරය භාර ගෙන ඇති අතර, නොවැම්බර් මාසයේ සිට ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගනු ඇති.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ද වන හෂාන් තිලකරත්න මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑතකදී අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලබා ගත්තා.

 

Show Comments (1)