Ultimate magazine theme for WordPress.

හෂ්මටුල්ලාහ්ගෙන් ඓතිහාසික ඉනිමක් – ඇෆ්ඝනිස්තානය තවත් ලකුණු 495ක් ඉදිරියෙන්

ADVERTISEMENT

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(11) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව ඇෆ්ඝනිස්තානයට හිමි කර දෙමින්.

අද දිනයේ දී ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන පිතිකරු හෂ්මටුල්ලාහ් ශහිඩී රැස් කළ ද්විත්ව ශතකය සමත් වුණා.

ඔහු පන්දු 443කින් නොදැවී ලකුණු 200ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 21ක් සමගින්.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරු ලෙසයි ඔහු අද ඉතිහාසගත වුණේ.

ඔහුගේ සුපිරි ඉනිමෙන් සවිමත් වූ ඇෆ්ඝනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 545ක් ලබා සිටියදී සිය පළමු  ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

නායක අස්ගර් ඇෆ්ඝන් ද ලකුණු 164ක් රැස් කරමින් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු ගත් තීරණයට සාධාරණයක් ඉටු කළා.

අස්ගර් සහ හෂ්මටුල්ලාහ් එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 307ක්.

අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 50ක් ලබා සිටියා.

තරගය අබුඩාබි නුවර දී පැවැත්වෙන අතර, මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 495ක්.

Leave a comment
x