Ultimate magazine theme for WordPress.

හර්බජාන් IPL හැර යයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ඔහු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් නොතිබූ බව ද සදහන්.

චෙන්නායි කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සුරේෂ් රයිනා ද මීට පෙර මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කළේ පෞද්ගලික හේතුවක් මතයි.

මෙවර අයි.පී.එල් තරගාවලිය ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment