Ultimate magazine theme for WordPress.

හතුරුසිංහට ඔස්ට්‍රේලියාවෙන් පුහුණුකාර ධූරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහකාර සහ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර 2010 – 2014 කාලයේ දී ද එම කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස කටයුතු කළා.

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ පසුගිය ජනවාරි මාසයේ දී යි.

කෙසේ වෙතත්, ඊට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඔහුගේ ධූරය අත්හිටුවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

Leave a comment