Ultimate magazine theme for WordPress.

සෞරව් ගංගුලි හෘදයාබාධයකට ලක් වෙයි

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි හෘදයාබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට කොල්කටාහි රෝහලකට ඇතුළත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු අද සිය නිවසේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කිරීම සිදු කර තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, මේ වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment