Ultimate magazine theme for WordPress.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ නසීම්ට යළි කැදවීමක්

මෙවර පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කෙරුණු පාකිස්තාන සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට පී.එස්.එල් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලට යළි එක්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලියට අදාළ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති පසුබිමකයි.

තරගාවලිය සදහා විශේෂ ගුවන් යානාවලින් අබුඩාබි බලා පිටත්ව යන ක්‍රීඩකයින් මැයි 24 වනදා වන විට කරච්චි සහ ලාහෝර්හි ක්‍රීඩකයින් සදහා වෙන් කළ හෝටල්වලට වාර්තා කර යුතුව තිබූ අතර, එහිදී පැය 48ක් තුළ ලබා ගත් PCR වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුව තිබුණා.

කෙසේ වෙතත්, නසීම් ශාහ් ලාහෝර්හී දී බළධාරීන්ට ඉදිරිපත් කර තිබුණේ පසුගිය 18 වැනිදා ඔහු ලබා ගත් PCR වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක්.

ඒ හේතුවෙන් මීට දින 3කට පෙර තීරණය කෙරුණේ ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමටයි.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ පී.එස්.එල් කණ්ඩායම් අතර පැවැති සාකච්ඡාවකින් පසුව නසීම් ශාහ්ට යළි තරගාවලියට එක්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු PCR වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වී යළි හෝටලයට ඇතුළු විය යුතු අතර, අනතුරුව තවත් PCR පරීක්ෂණ දෙකකින් සමත්වීමෙන් පසුවයි අබුඩාබි බලා පිටත්ව යා හැකි වන්නේ.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට පියවර ගැණුනු මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment