Ultimate magazine theme for WordPress.

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(19) ප්‍රකාශයට පත් කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සිව්වන 20යි 20 තරගයේ දී දක්ෂතා දැක් වූ සූර්යකුමාර් යාදෙව් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නොමැති Prasidh Krishna ද ඉන්දීය සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය එළඹෙන 23 වනදා පූනේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සහ තෙවැනි තරගය පිළිවෙලින් එළඹෙන 26 වනදාත්, 28 වනදාත් පූනේහී දී ම පැවැත්වෙනු ඇති.

India’s ODI squad: Virat Kohli (C), Rohit Sharma (vc), Shikhar Dhawan, Shubman Gill, Shreyas Iyer, Suryakumar Yadav, Hardik Pandya, Rishabh Pant (wk), KL Rahul (wk), Yuzvendra Chahal, Kuldeep Yadav, Krunal Pandya, Washington Sundar, T Natarajan, Bhuvneshwar Kumar, Md. Siraj, Prasidh Krishna, Shardul Thakur.

Leave a comment