Ultimate magazine theme for WordPress.

සුරේෂ් රයිනා ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

ඉන්දීය මුල් පෙල පිතිකරුවෙකු වූ සුරේෂ් රයිනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු ද එය නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය විශ්‍රාම ගැනීම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර සුළු මොහොතකට පසුවයි රයිනා තම තීරණය ද මෙලෙස දැනුම් දුන්නේ.

කෙසේ වෙතත්, දෝනි සහ රයිනා එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment