Ultimate magazine theme for WordPress.

සුරේෂ් රයිනා අත්අඩංගුවට

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝවිඩ් 19 හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මුම්බායිහි සමාජ ශාලාවක පැවැති උත්සවයක් සදහා සහභාගී වීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඊයේ(21) රාත්‍රී කාලයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, පසුව ඔහුව ඇප මත මුදා හැර ඇති බව සදහන්.

මෙම වැටලීමේ දී පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගායක Guru Randhawa ද මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a comment