Ultimate magazine theme for WordPress.

සුපිරි වේග පන්දු යවන්නාට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියාට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

අබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමි වී ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු කර නැහැ.

ඒ අනුව දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ප්‍රමාණය මේ වන විට 20 දෙනෙකු බවට පත්ව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Dean Elgar (c), Temba Bavuma (vc), Quinton de Kock (wk), Kagiso Rabada, Sarel Erwee, Beuran Hendricks, George Linde, Keshav Maharaj, Lungi Ngidi, Aiden Markram, Wiaan Mulder, Keegan Petersen, Rassie van der Dussen, Kyle Verreynne, Marco Jansen, Glenton Stuurman, Prenelan Subrayen, Sisanda Magala, Ryan Rickelton, Duanne Olivier.

Leave a comment