Ultimate magazine theme for WordPress.

“සුපිරි පන්දුවාර එපා – අවසන් තරගයේ දී මම ඒක දැනගෙන හිටියෙත් නැහැ” – ටේලර්

එක්දින තරග සදහා සුපිරි පන්දුවාරයක් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව නවසීලන්ත පිතිකරු රෝස් ටේලර් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එක්දින තරගයක් දීර්ඝ කාලයක් ක්‍රීඩා කරන බැවින් ලකුණු සම වීමක් සිදු වුවහොත් එය ලකුණු සමවීමක් ලෙසින්ම අවසන් කළ යුතු බවයි.

ඒ අනුව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයකදී ලකුණු සමවීමක් සිදුවුවහොත් කණ්ඩායම් දෙකම සමශූරයින් ලෙස නම් කර තරගාවලිය අවසන් කිරීම සුදුසු බව ඔහුගේ අදහසයි.

රෝස් ටේලර් මේ බව සදහන් කළේ Cricingif වෙත අදහස් දක්වමින්.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තය සහ නවසීලන්තය තරගයේ පන්දුවාර 100 අවසන් වන විටත් සම ලකුණු ලබා සිටි අතර, පසුව ලබාදුන් සුපිරි පන්දුවාරයේ දී ද කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් තරගයේ දී එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව ගණනය කර ලෝක ශූරතාවය එංගලන්තයට ප්‍රදානය කෙරුණා.

කෙසේ වෙතත්, ඊට එල්ල වූ විවේචන සැලකිල්ලට ගෙන ජගත් ක්‍රිකට් කවුන්සලය නීති සංශෝදනයක් සිදු කරමින් තීරණය කළේ යළි එවැනි අවස්ථාවක් උදා වුවහොත් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා අඛණ්ඩව සුපිරි පන්දුවාර ලබා දීමටයි.

“එක්දින තරගයකදී පන්දුවාර 100ක් ක්‍රීඩා කරනවා. එහෙම ක්‍රීඩා කරලත් අවසානයේ දී ලකුණූ සම වෙනවනම්, සම ජයග්‍රාහකයින් ලෙස නම් කිරීම වැරැද්දක් කියල මමනම් හිතන්නේ නැහැ”

යනුවෙන් රෝස් ටේලර් සදහන් කළා.

“ලෝක කුසලානයේ දී ඇත්තටම මම විනිසුරුවන් ළගට ගියා “හොද තරගයක්” කියලා කියන්න. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ සුපිරි පන්දුවාරයක් තියෙනව කියලවත්. සම වීම සම වීමක්මයි. මම හිතන්නේ ඔබට මෙම තර්කය දෙයාකාරයකින් තිබිය හැකියි.”

Leave a comment