“සුකු’මාලි’ නුඹ තමා” මාලිංග වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් පල කළ අලුත්ම පෝස්ට් එක

වාර්තා පිට වාර්තා පිහිටුවා පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ඔහුගේ අනාගත දිවිය සදහා ලොව නන්දෙසින් තවදුරටත් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.
එමෙන්ම ඔහු ක්‍රීඩාව වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් ලැබෙමින් පවතින ගුණ ගායනාවලද අඩුවක් නැහැ.
20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙස ලසිත් මාලිංග පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නාමයක් සටහන් කරමින්.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ මෙහෙය මෙතකැයි කිව නොහැක. එමෙන්ම ඔහු නිසා ශ්‍රී ලංකාවට මෙන්ම මුම්බායි ඉන්දියන්ස් ප්‍රමුඛ ලීග් කණ්ඩායම් සදහා හිමි වූ ජයග්‍රහන මෙතකැයි ද කිව නොහැක.
යෝකර් පන්දුවේ රජු ලෙස සැලකෙන ලසිත් මාලිංග වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ සමාජජාලා ගිණුම් තුළින් ද මේ දිනවල නිරතුරුවම විවිධ සටහන් පල කරනු දක්නට ලැබෙනවා.
අද දිනයේ දී ඔවුන් අලංකාර සිතුවමක් ද සමගින් සුවිශේෂී සටහනක් තබා තිබුණා.
2019 වසරේ දී ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ සිය අවසන් පන්දුව යොමු කළේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට යළිත් වරක් අයි.පී.එල් ශූරතාවය හිමි කර දීමට පුරෝගාමියා වෙමින්.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ දී ලැබූ එම ජයග්‍රහනය සිහිපත් කරමිනුයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය සමාජජාලා පිටුවලට අද සිතුවමක් සමග සටහනක් පල කර තිබුණේ.
මේ දිනවල ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල වඩාත් ජනප්‍රිය “මැණිකේ මගේ හිතේ” නම් ගීතයේ කොටසක් ද මෙම සටහනට ඇතුළත් කර තිබීම කැපී පෙනනවා.
එම සටහන අවසන් කර තිබුණේ “සුකු’මාලි’ නුඹ තමා” යනුවෙන්.
"He has done it. 𝐋𝐀𝐒𝐈𝐓𝐇 𝐌𝐀𝐋𝐈𝐍𝐆𝐀, 𝐭𝐡𝐞 𝐇𝐄𝐑𝐎!" 💙
Tribute to the man who has won us many nail-biting #CSKvMI clashes!💥
Suku𝗠𝗔𝗟𝗜 Numba Thama! 🙌#OneFamily #MumbaiIndians @ninety9sl pic.twitter.com/O0VsVZF7ew
— Mumbai Indians (@mipaltan) September 18, 2021