Ultimate magazine theme for WordPress.

සීක්කුගේ ප්‍රසන්නගේ ලාහෝර් කණ්ඩායම අද තරග බිමට

මෙවර අතරමගදී අත්හිටුවීමට සිදු වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අද(9) සිට ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලියේ 15 වන තරගය අද පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතයි.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ද ඇතුළත්.

මෙවර තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කරන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ තිසර පෙරේරා.

ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, කරච්චි කණ්ඩායම හෙට දිනයේ දී මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමගදී අත්හිටුවීමට සිදු වුණේ පසුගිය මාර්තු මස මුලදීයි.

ඒ වන විට තරග 14ක් පමණක් පවත්වා තිබූ අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ කරච්චි කිංග්ස් කණ්ඩායමයි.

තරගාවලියේ අවසන් තරගය ලබන 24 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Leave a comment