Ultimate magazine theme for WordPress.

සිරාජ්ට තෙවැනි තරගය අහිමි වෙද්දී ශ්‍රී ලංකාවේ වාර්තාව බිදින්න කෝලි යළි පිටියට

දකුණු අප්‍රිකාව සමග හෙට(11) ආරම්භ වන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා තමා ක්‍රීඩා කරන බව ඉන්දීය නායක විරාට් කෝලි පවසනවා.

ඔහුට නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතාවයක මේ වන විට නොසිටින බවයි.

ඔහු වෙනුවට කණ්ඩායමට කැදවන ක්‍රීඩකයා සම්බන්ධයෙන් විරාට් කෝලි අනාවරණය කළේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2ට කේප් ටවුන් හී දී ආරම්භ වන අතර, මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරගාවලියේ සම තත්ත්වයේ පසුවනවා.

ඒ අනුව තෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වනවා.

ඉන්දියාව මෙම තරගාවලිය ජය ගතහොත් එය ඔවුන් දකුණු අප්‍රිකාවේ දී ජය ගන්නා පළමු ටෙස්ට් තරගාවලිය බවට පත් වනු ඇති.

මේ වන විට දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇති එකම ආසියානු කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව පමණයි.

Leave a comment