Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ 20යි 20 සංචිතයට නවකයින් තිදෙනෙක්

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

ඒ සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Tadiwanashe Marumani, Tanaka Chivanga සහ Tapiwa Mufudza යන ක්‍රීඩකයින් තිදෙනා ද ඇතුළත්.

ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කර ඇති සංචිතයේ නායකයා ලෙස ශෝන් විලියම්ස් කටයුතු කරනවා.

ඒ, සීමිත පන්දුවාර තරගවල නිත්‍ය නායකයා වන චමූ චිබාබා ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ද ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතයි.

Squad: Sean Williams (captain), Ryan Burl, Regis Chakabva, Tanaka Chivanga, Craig Ervine, Luke Jongwe, Tinashe Kamunhukamwe, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Tapiwa Mufudza, Blessing Muzarabani, Richard Ngarava, Brendan Taylor, Donald Tiripano

Leave a comment