Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ සභාපති අයි.සී.සී සභාපති සටනට

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය සදහා තරග කිරීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව වත්මන් සභාපති Greg Barclay සමග ඔහු සභාපතිධූරය සදහා තරග කිරීමට නියමිතයි.

නව සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය ලබන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තමා අයි.සී.සී නිලවරණය සදහා යළි තරග කරන බව Greg Barclay ප්‍රකාශයට පත් කළේ පසුගිය ජූලි මාසයේ පැවැති අයි.සී.සී වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුවයි.

අයි.සී.සී සභාපති ධූරය වසර දෙකක කාලයක් සදහා බලපැවැත්වෙනවා.

Show Comments (1)