Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවයි

සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, එරට තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ අවධානම නිසා රට පුරා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන්.

මේ වන විට සිම්බාබ්වේ දේශයේ සියලුම ක්‍රීඩා සම්බන්ධ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සදහන්.

සදුදා(4) දිනයේ දී එරට තුළ දේශීය 20යි 20 තරගාවලියක් ද ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, නවතම තත්ත්වයත් සමග එය ද කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

Leave a comment