Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ ක්‍රීඩකයින් කොරෝනා පරීක්ෂාවකට

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් කොරෝනා වෛරසය පිළිබද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලබන 15 වනදා ඔවුන් සදහා පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කිරීමට ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව එම වෛද්‍ය පරීක්ණෂයෙන් සමත්වන ක්‍රීඩකයින් පමණක් ලබන සදුදා සිට පුහුණු කටයුතු සදහා එක් වනු ඇති.

පුහුණුව ආරම්භ කිරීමට නියමිතව ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 33ක්.

ක්‍රීඩකයින් තමන් නියෝජනය කරන පළාත්වල සිට මෙම පුහුණු කටයුතු ආරම්භ කරනු ඇති.

සිම්බාබ්වේ කණ්ඩායම, ඇෆ්ඝනිස්තානට සහ ඉන්දියාවට එරෙහිව ජූලි සහ අගෝස්තු මාසවලදී සීමිත පන්දුවාර තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, රජයේ අනුමැතිය සහ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී එම තරගාවලි සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.

Leave a comment