සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහනයට ලකුණු 337ක් පිටුපසින්
Day 4 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(10) නිමා වුණා.
ඒ වන විට ලකුණු 477ක ඉලක්කයක් හඹා යමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140ක්.
නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 92ක් රැස් කළේ පන්දු 73කට මුහුණ දෙමින්.
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය අද දිනයේ දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 284ක් ලබා සිටියදීයි.
ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 115ක් හා නජ්මුල් ශන්ටෝ නොදැවී ලකුණු 117ක් රැස් කළා.
හරාරේහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 468ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තා.
ඒ අනුව තරගය ජය ගැනීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණු 337ක් ලබා ගත යුතුයි.