Ultimate magazine theme for WordPress.

සිබ්ලි සහ ස්ටොක්ස් එංගලන්ත ඉනිම ගොඩගයි – Day 1 Report

ADVERTISEMENT

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (16) ආරම්භ වුණා.

ඒ, එංගලන්තයේ මැන්චෙස්ටර්හී දී යි.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම පැය එකහමාරක් පමණ ප්‍රමාද වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා වන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 207ක් ලබා සිටියා.

ඩොම් සිබ්ලි ලකුණු 86ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු  59ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගී ඇති සබදතාවය ලකුණු 126ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 2 ක් බිද හෙලුවා.

Leave a comment