Ultimate magazine theme for WordPress.

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ඩොලර් 25,000ක දඩ මුදලක්

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ඩොලර් 25,000ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඉන් ඩොලර් 15,000ක මුදලක් වසරකට අත්හිටුවූ දඩ මුදලක් ලෙසයි පනවා ඇත්තේ.

මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් විසින් සිය මූලික සංචිතයට ඇතුළත් කර නොතිබූ  ක්‍රීඩිකාවක් වන Hayley Silver-Holmes පසුගියදා මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කරවීම සිඩ්නි සික්සර්ක් කණ්ඩායමට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඇය ආබාධයකට ලක්වීම හේතුවෙන් මීට පෙර ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට එක්ව සිටියේ නැහැ.

නමුත්, රෙනගේඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයට පෙර ඇය අදාළ තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුණා.

කෙසේ වෙතත්, Hayley Silver-Holmes මූලික සංචිතයට ඇතුළත් කිරීම සදහා කෙරුණු ඉල්ලීමට කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය අදාළ තරගය ආරම්භ වන තුරු නොලැබී තිබූ පසුබිමකයි එම තරගය සදහා ඇයව ක්‍රීඩා කරවීමට සිඩ්නි කණ්ඩායම පියවර ගෙන තිබුණේ.

Leave a comment