Ultimate magazine theme for WordPress.

සිඩ්නි ටෙස්ට් තරගයට වෝනර් කැදවයි – නව සංචිතය මෙන්න

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවන හා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරග සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද (30) ප්‍රකාශයට පත් කෙරුණා.

ඊට සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැති එක්දින තරගාවලිය අතරතුර දී වෝනර් ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට 20යි 20 තරගාවලිය මෙන්ම පළමු ටෙස්ට් තරග දෙක ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මේ අතර, පළමු ටෙස්ට් තරග ද්විත්වයේ දී සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය නොකළ ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ආබාධවලට ලක්ව සිටි විල් පුකොව්ස්කි සහ ශෝන් ඇබෝර්ට් ද එම සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 7 වනදා සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා වසංගතය යළි ව්‍යාප්ත වීම හේතුවෙන් අදාළ තරගය සිඩ්නි හී දී පැවැත්වීම සම්බන්ධයෙන් ද අවිනිශ්චිතතාවයක් පැවැති නමුත්, ඊයේ දිනයේ දී එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියේ අදාළ තරගය සිඩ්නි හී දී ම පැවැත්වීමට කටයුතු කරන බවයි.

Australia Test squad:

  • Tim Paine (c), Sean Abbott, Pat Cummins, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Moises Henriques, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, James Pattinson, Will Pucovski, Steve Smith, Mitchell Starc, Mitchell Swepson, Matthew Wade, David Warner
Leave a comment