Ultimate magazine theme for WordPress.

සෑම් කරන් ස්වයං නීරෝධායනයට

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක සෑම් කරන් ස්වයං නීරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ, ඔහු බදාදා රාත්‍රී කාලයේ දී අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් අතර මේ දිනවල සවුත්හැම්ටන්හි පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා ඔහු පළමු දිනයේ දී ක්‍රීඩා කළ නමුත් අසනීප තත්ත්වය හේතුවෙන් දෙවන දිනයේ දී ක්‍රීඩා කිරීමට එක් වූයේ නැහැ.

මේ වන විට ඔහුව ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේම ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

ඊයේ(2) පස්වරුවේ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතුණ ද තෙදින පුහුණු තරගය සදහා සෑම් කරන් යළි එක් නොවන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, ඔහුට කොරෝනා වෛරසය වැළදීමේ අවධානමක් නොමැති බව බළධාරීන් පෙන්වා දෙනවා.

Leave a comment