Ultimate magazine theme for WordPress.

සැන්ට්නර් සහ රෂීඩ් බාබඩෝස් පිලට ජය ගෙනෙයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 6කින් පරාජයට පත් වූයේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බාබඩෝස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

නායක ජේසන් හෝල්ඩර් ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 22කට මුහුණ දී 6 පහර 3ක් සහ 4 පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් සහ Rayad Emrit ලකුණු 16 බැගින් ලබා දී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත කිට්ස් කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

Joshua Da Silva නොදැවී ලකුණු 41යි.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා මිචෙල් සැන්ට්නර්.

Leave a comment