Ultimate magazine theme for WordPress.

සාමාජිකත්වය අහෝසි වූ ක්‍රීඩා සමාජ 4 කට යළි සාමාජිකත්වය

වාර්ෂික සාමාජික ගාස්තුව ගෙවීම පැහැර හැරීම හේතුවෙන් තාවකාලිකව සාමාජිකත්වය අහෝසි කර තිබූ ක්‍රීඩා සමාජ 4 කට යළි සාමාජිකත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ(31) පැවැති ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේ දී යි.

සාමාජික ගාස්තුව ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම සාමාජික ක්‍රීඩා සමාජ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන ලද සාධාරණ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ට යළි සාමාජිකත්වය ලබා දීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ අතර, මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ක්‍රිකට් තරගාවලියන්හි ලකුණු සටහන් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිගනු ලැබූ ලකුණු සටහන්කරුවන් විසින්ම සිදුකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට අදාළ වූ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට ද ඊයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a comment