Ultimate magazine theme for WordPress.

ස්මිත්ට ලක්ෂ 30ක දඩයක්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඩ පනවා තිබෙනවා.

ඒ, ඊයේ(6) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී රාජස්ථාන් කණ්ඩායම නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙය ඔවුන්ගේ කණ්ඩායම මෙවර තරග වාරයේ දී එම වරද සිදු කළ පළමු අවස්ථාවයි.

ඒ අනුව අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30ක) දඩ මුදලක් පැනවූ බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

Leave a comment