Ultimate magazine theme for WordPress.

ස්ටොක්ස් අද සිට IPL වැඩ අල්ලයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔහු කොවිඩ් 19 වෛරසය පාලනයට අදාළ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සදහා යොමු කෙරෙනු ඇති.

ඒ අනුව ඔහු දින 6ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරීමට නියමිතව ඇති බවත්, කොවිඩ් 19 වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටීමට නියමිතව ඇති බවත් සදහන්.

ස්ටොක්ස් මෙවර තරගාවලියේ දී ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඔහුගේ පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් බෙන් ස්ටොක්ස් පසුගිය කාලයේ සිය උපන් රට වූ නවසීලන්තයට ගොස් සිටියා.

එම නිසා ඔහුට එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග රැසක් ද පසුගිය කාලයේ අහිමි වූ අතර, මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය ද අහිමි වුණා.

ALSO READ : ස්ටොක්ස් යළි වැඩ අල්ලයි – වීඩියෝ දර්ශන මෙන්න

Leave a comment