Ultimate magazine theme for WordPress.

ස්ටොක්ස්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පියා වන ජෙඩ් ස්ටොක්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මොළයේ පිළිකා රෝගයකින් පීඩා විදි ඔහු මියයන විට 65 වන වියේ පසු වුණා.

හිටපු රග්බි ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වූ ජෙඩ් ස්ටොක්ස් පසුගිය ජනවාරි මාසයේ දී පිළිකා රෝගයෙන් පීඩා විදින බවට අණාවරණය වූ අතර, මෙම වසර මුල දී ජොහැන්ස්බර්ග් රෝහලකට සති පහක පමණ කාලයක් දැඩි ලෙස රෝගාතුර වී ප්‍රතිකාර ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඔහු සිය බිරිද සමග නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට යළි පැමිණි අතර, ඔහු මිය යන තුරු එහි රැදී සිට තිබෙනවා.

පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් සිය උපන් රට වන නවසීලන්තය බලා බෙන් ස්ටොක්ස් මීට පෙර පිටව ගොස් සිටි අතර, ඒ හේතුවෙන් එංගලන්තය ක්‍රීඩා කළ තරග රැසකට සහ අයි.පී.එල් තරග කිහිපයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද බෙන් ස්ටොක්ස්ට අහිමි වුණා.

Leave a comment