Ultimate magazine theme for WordPress.

ස්ටක් ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායම හැර යයි

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවක ක්‍රීඩක මිචෙල් ස්ටක් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහුගේ පවුලේ සාමාජිකයෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

අද(6) පැවැත්වෙන දෙවන 20යි 20 තරගයට ක්‍රිඩා කිරීම සදහා ඔස්ට්‍රේලියානු සංචිතයේ ක්‍රීඩකයින් ඊයේ කැන්බරා නුවර සිට සිඩ්නි වෙත පැමිණි තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව ක්‍රීඩකයින් සදහා වූ ජෛව ආරක්ෂිත බුබුලෙන් මිචෙල් ස්ටක් ඉවත් වී ඇති බව සදහන්.

ලබන 17 වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ලබන සතියේ දී ඇඩිලේඩ් නුවර දී එක්වීමට නියමිතයි.

නමුත්, මිචෙල් ස්ටක් යළි සංචිතය සමග එක්වන දිනයක් මෙතෙක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තහවුරු කර නැහැ.

ඩේවිඩ් වෝනර්, ඇෂ්ටන් ඒගාර්, මාර්කස් ස්ටොයිනිස් සහ මිචෙල් මාෂ් යන ක්‍රීඩකයින්ට ද ආබාධ හේතුවෙන් ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය අහිමි වී ඇති අතර, පැට් කමින්ස් ද විවේක ගන්වා තිබෙනවා.

නායක ආරෝන් ෆින්ච් ද නිමා වූ පළමු 20යි 20 තරගයේ දී ආබාධයකට ගොදුරු වූ අතර, අද තරගය සදහා ඔහුගේ සහභාගීත්වය ද මෙතෙක් තහවුරු වී නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවන 20යි 20 තරගය අද(6) මෙරට වේලාවෙන් පස්වරු 1.40ට සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment