Ultimate magazine theme for WordPress.

සර්ෆ්‍රාස්, මලික් සහ අමීර් සංචිතයෙන් ඉවත් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන මූලික පාකිස්තාන සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත් අතර, ශඩාබ් ඛාන් උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.

ආබාධයන්ට මුහුණ දී මේ වන විට යථාතත්ත්වයට පත් වෙමින් සිටින හසන් අලී සහ නසීම් ශාහ් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දිය යුතු බැවින් ෂොයිබ් මලික් සහ සර්ෆ්‍රාස් අහ්මඩ් මෙන්ම මොහොමඩ් අමීර් ද සංචිතයට නම් නොකළ බවයි පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපති මිස්බා උල් හක් සදහන් කළේ.

මිස්බා උල් හක් ඉදිරියේ දී තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට ද නියමිතව තිබෙනවා.

පාකිස්තානය අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවට එරෙහිවයි.

සංචිතය –

Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafiq, Abid Ali, Faheem Ashraf, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Haris Sohail, Iftikhar Ahmed, Imad Wasim, Imam-ul-Haq, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Rizwan, Musa Khan, Rohail Nazir, Shaheen Shah Afridi, Usman Qadir, Wahab Riaz and Zafar Gohar

කාලසටහන –

30 Oct – 1st ODI, Rawalpindi.

1 Nov – 2nd ODI, Rawalpindi.

3 Nov – 3rd ODI, Rawalpindi.

7 Nov – 1st T20I, Lahore.

8 Nov – 2nd T20I, Lahore.

10 Nov – 3rd T20I, Lahore.

Leave a comment