Ultimate magazine theme for WordPress.

සර්ෆ්‍රාස් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් පහතට

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ් එරට නව මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව “C” කාණ්ඩය දක්වා පහතට දමා ඇති බව වාර්තා වනවා.

2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කළ නමුත් 2019 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම කණ්ඩායම ඉවත් වීමත් සමග ඔහුගේ නායකත්වය ප්‍රශ්න කිරීමකට භාජනය වුණා.

ඒ අනුව පසුගිය කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව “A”කාණ්ඩයේ රැදී සිටි සර්ෆ්‍රාස්ට මේ වන විට කණ්ඩායමේ නායකත්වය මෙන්ම ස්ථානය ද අහිමි වී අවසන්.

නව කොන්ත්‍රාත් ගිවිසුම් ලබන අගෝස්තු මාසයේ දී ලබා දීමට නියමිතයි.

මේ අතර, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ වුවද, කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයින් රදවා ගැනීම අවම කිරීම සදහා හෝ ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු අවම කිරීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන නොතිබීම ද විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු මාසයේ දී එරට ක්‍රිකට් ආයතනය විසින් කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීම ක්‍රීඩකයින් 32 සිට 19 දක්වා අවම කළා.

එහිදී මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ද කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වුණා.

Leave a comment