Ultimate magazine theme for WordPress.

සර්ෆ්‍රාස්ට යළි අවස්ථාවක්

නවසීලන්තයට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(6) ප්‍රකාශයට පත් කෙරුණා.

ඊට සර්ෆ්‍රාස් අහමඩ් සහ හුසේන් තලාත් (Hussain Talat) කැදවා තිබීම විශේෂත්වයක්.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය සදහා වූ පාකිස්තාන සංචිතය හා සැසසීමේ දී මෙම සංචිතයට සිදු කර ඇති වෙනස්කම් දෙක වන්නේ ඔවුන් දෙදෙනාගේ නම් කිරීම පමණයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තාන 20යි 20 සංචිතය :

Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafique, Faheem Ashraf, Haider Ali, Haris Rauf, Hussain Talat, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Musa Khan, Mohammad Rizwan, Sarfaraz Ahmed, Shaheen Shah Afridi, Usman Qadir and Wahab Riaz.

 

Leave a comment