Ultimate magazine theme for WordPress.

සයිෆුදීන් තරගය අතරතුර දී කණ්ඩායමෙන් ඉවත් කෙරේ – ටස්කින් කණ්ඩායමට

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී සිදු වූ අනතුරක් හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිටින අතරතුර පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහු මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ දී පන්දු යැවීමට හෝ පන්දු රැකීමට එක් නොවනු ඇති.

ඔහු වෙනුවට ටස්කින් අහ්මඩ් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

Leave a comment