සමුගැනීමට තරගයක් හිමි නොවූවන් සහ වත්මන් ක්‍රීඩකයන් අතර තරගයක් ?

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයම ජය ගත්තද, සිය ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ සමුගැනීමේ තරගයක්වත් ක්‍රීඩා කර ගෞරවාන්විත සමුගැනීමක් හිමිනොවුණු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටිනවා.
එවැනි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට යළි ගෞරවාන්විත සමුගැනීමක් ලබාදිය යුතු බවට මේ වන විට වැඩි කතාබහක් හටගෙන තිබෙනවා.
ඒ, ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අනපේක්ෂිත විශ්‍රාම ගැනීමේ නිවේදනයත් සමගයි.
ඊට අපූරු විසදුමක් යෝජනා කරන හිටපු ඉන්දීය ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ විශ්‍රාම ගැනීමේ දී සමුගැනීමේ තරගයක් හිමි නොවූ ක්‍රීඩකයන් අතර ක්‍රිකට් තරගයක් සංවිධාන කළ යුතු බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ක්‍රිකට් ලෝලියෙකු නම් එම යෝජනාවට කිසිදු පැකිළීමකින් තොරව එකගවනු ඇති.
Many people are talking about a farewell game for retired players who didn't get a proper send-off from the game. How about a charity cum farewell game from a team consisting of retired players vs the current Indian team? pic.twitter.com/diUiLXr9XQ
— Irfan Pathan (@IrfanPathan) August 22, 2020