Ultimate magazine theme for WordPress.

සනත් ජයසුන්දරට වසර 7ක ක්‍රිකට් තහනමක් අයි.සී.සීය පනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු කාර්යය සාධන දත්ත විශ්ලේෂකවරයෙකු වූ සනත් ජයසුන්දරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම වසර 7කට තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහු අයි.සී.සී දූෂන මර්දන පනත උල්ලංඝනය කර ඇති බවට අයි.සී.සී දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් සනාථ කිරීමත් සමගයි.

එම තහනම ඔහුට එරෙහිව පළමුව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ 2019 වසරේ මැයි 11 වනදා සිට බලපැවැත්වෙන බව ද අයි.සී.සීය නිවේදනය කළා.

එවකට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වූ හරීන් ප්‍රනාන්දු මහතාට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේ සිද්ධියක් හේතුවෙනුයි සනත් ජයසුන්දරට එරෙහිව ක්‍රිකට් තහනම පැනවුණේ.

සනාත වූ චෝදනා :

Article 2.1.3 – offering a bribe or other Reward to the Sri Lankan Sports Minister to contrive in any way or otherwise influence improperly the result, progress, conduct or any other aspect of an International Match

Article 2.4.7 – obstructing or delaying an ACU investigation into possible corrupt conduct under the ICC Anti-Corruption Code

Leave a comment