සචින්ගෙන් පසු පතාන්ටත් කොරෝනා ආසාදනය වෙයි

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක යුසුෆ් පතාන්ට ද කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.
ඉන්දීය හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර්ට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී පැය කිහිපයකින් අනතුරුවයි තමාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුෆුස් පතාන් විසින් ප්‍රකාශ කර ඇත්තේ.
ඔවුන් දෙදෙනාම මෑතකදී නිමා වූ “Road Sefety World Series” තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළා.
ඒ අනුව තරගාවලියට එක් වූ අනෙක් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.
I’ve tested positive for COVID-19 today with mild symptoms. Post the confirmation, I have quarantined myself at home and taking all the necessary precautions and medication required.
I would request those who came in contact with me to get themselves tested at the earliest.
— Yusuf Pathan (@iamyusufpathan) March 27, 2021