Ultimate magazine theme for WordPress.

සචිත්‍ර විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණෙයි

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සදහා අද(3)  ඔහු මෙලෙස එම විමර්ශන ඒකකය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට සහාය නොදැක්වීම හේතුවෙන් සචිත්‍ර සේනානායක ඊයේ දිනයේ දී අධිකරණය හමුවට ද කැදවා තිබුණා.

කෙසේ වෙතත්, අධිකරණය හමුවට ඊයේ ඔහු පැමිණ නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කළා.

ඒ, අපේක්ෂිත ඇප අයදුම්පත අසම්පූර්ණ බව දන්වමින්.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් මෙම සිද්ධිය පිළිබද මීට පෙර ප්‍රකාශ ලබා ගෙන තිබූ බව ද වාර්තා වුණා.

සචිත්‍ර සේනානායක විසින් මෙම ක්‍රීඩකයින් දෙදෙනා තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා ඔවුන්ට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවත්, පසුව ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බවත් සදහන්.

ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අයි.සී.සී දූෂන මර්දන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

Leave a comment