Ultimate magazine theme for WordPress.

සංගා හෙට විශේෂ විමර්ශන ඒකකයට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හෙට පෙරවරු 9 ට පමණ ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම සිද්ධියට අදාළව අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන් ද පැය දෙකක පමණ ප්‍රකාශයක් අදාළ ඒකකය විසින් ලබා ගත්තා.

හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ද ඊයේ පස්වරුවේ එම ඒකකය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

Leave a comment