සංගාට සහාය පල කර ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද(2) විරෝධතාවයක් පැවැත්වුණා.
ඒ, 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට සංගක්කාර කැඳවීම පදනම් කර ගනිමින්.
විරෝධතාවය සමගි ජනබලවේගයේ තරුණ සන්ධානය විසින් සංවිධාන කර තිබුණා.
මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද ක්‍රීඩකයින්ව ප්‍රශ්න කිරීමට ලක් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ට්විටර් පණිවිඩ ද නිකුත් කර තිබෙනවා.
එම ට්විටර් පණිඩිව සහ විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනයක් පහතින් –
I strongly oppose the harass. of r beloved cricket heroes, sch as @KumarSanga2 n Aravinda on flimsy n unsubstantiated allegations by #GoSL lackeys. If there is any wrngdong it shuld b inves bt dis is nt the way. Y is the govt silent n massive corrption charges agnst @OfficialSLC pic.twitter.com/5I1C4MsUjn
— Harsha de Silva (@HarshadeSilvaMP) July 2, 2020
The questioning of cricketers at the FCID started during the Yahapalanaya government when #SriLanka Test & ODI captain Angelo Mathews was questioned in 2016. I disagreed w/it then & disagree w/it now. There are relevant authorities set up to address these kinds of issues. #lka
— Namal Rajapaksa (@RajapaksaNamal) July 2, 2020
Posted by Awkana Sanjeewa on Thursday, July 2, 2020