Ultimate magazine theme for WordPress.

සංගාගේ රාජස්ථානයට තවත් ගැටලුවක්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටෝන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වී යළි සියරට බාලා පිටව ගොස් තිබෙනවා.

ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ දුෂ්කරතාවයන් පදනම් කර ගනිමින් ඔහු එලෙස එංගලන්තය බලා පිටත්ව ගිය බවයි රාජස්ථාන් කණ්ඩායම නිවේදනය කළේ.

“අපි තේරුම් ගන්නවා සහ ගරු කරනවා ඔහුගේ තීරණයට. ඒ වගේම අපිට හැකි ඕනෑම ආකාරයකින් ඔහුට අඛණ්ඩව සහාය දක්වනවා.” යනුවෙන් කුමාර් සංගක්කාර මහතා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදහන් කළා.

ලියම් ලිවින්ග්ස්ටෝන්ගේ පිටව යාමත් සමග රාජස්ථාන් කණ්ඩායම තවත් ගැටලුකාරී තත්ත්වයකට ඇද වැටී ඇත්තේ මේ වන විටත් ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් නොමැතිව ඔවුන් තරග වදින බැවින්.

Leave a comment