Ultimate magazine theme for WordPress.

සංගාගේ ධූර කාල දිගුවට ඡන්ද විමසීමකින් අනුමැතිය

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එම් සී සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ධූර කාලය නිල වශයෙන් තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ඒ, මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි.

එහිදි සාමාජිකයන් අතර පැවැති ඡන්ද විමසීමකින් පසුව ඔහුට තවත් වසරක ධූර කාලයක් පිරි නැමීමට තීරණය කළ බවයි මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ.

ඒ අනුව සංගක්කාර මහතා ලබන වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා එම ධූරයේ කටයුතු කරනු ඇති.

කොරෝනා වසංගත අර්බුදයෙන් සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමිනුයි ඔහුට තවත් වසරක ධූර කාල දිගුවක් ලබා දීමට තීරණය කර ඇත්තේ.

සංගක්කාර යනු එම් සී සී සභාපතිධූරයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන ලොව පළමු පුද්ගලයායි.

2021 වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා සිට එම් සී සී සභාපති ධූරයේ වැඩ භාර ගනු ලබන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන CLARE CONNOR විසින්.

වසර 233ක් පැරැණි මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිධූරයට පත් වන පළමු කාන්තාව ඇය වීම ද විශේෂත්වයක්.

Leave a comment