Ultimate magazine theme for WordPress.

සංගාගෙන් පැය 10ක් ප්‍රශ්න කෙරේ

ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා  පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු ක්‍රීඩා අමාත්‍යංශය හමුවේ පෙනී සිටියේ අද පෙරවරු 9 ට පමණයි.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි කුමාර් සංගක්කාර විශේෂ විමර්ශන ඒකකය වෙත කැදවා තිබුණේ.

මෙම සිද්ධියට අදාළව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන් ද පැය දෙකක පමණ කාලයක් අදාළ ඒකකය විසින් ප්‍රකාශ ලබා ගත්තා.

හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ද පසුගියදා එම ඒකකය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Leave a comment