Ultimate magazine theme for WordPress.

සංගක්කාරට එම්.සී.සීයෙන් වසරක ධූර කාල දිගුවක්

එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන කුමාර් සංගක්කාර මහතාගේ ධූර කාලය දීර්ඝ කිරීමට  එම ක්‍රිකට් සමාජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ බලපෑමත් සමගයි.

ඒ අනුව එම්.සී.සී කමිටුව විසින් තීරණය කර ඇත්තේ තවත් වසරක කාලයක් සදහා ධූරයේ රැදී සිටීමට සංගක්කාර වෙත අවස්ථාව ලබා දීමටයි.

ධූර කාලය දීර්ඝ කිරීම සදහා මහා සභා රැස්වීමේ දී සාමාජිකයින්ගේ අනුමැතිය හිමි විය යුතුයි.

එය ලබන ජූනි 24 වනදා පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍යයෙන් මෙම මහා සභා රැස්වීමේ දී නව සභාපතිවයා තෝරා ගැනීම සිදු වනවා.

2019 වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා වසරක කාලයක් සදහා සභාපති ධූරයේ වැඩ භාර ගත් කුමාර් සංගක්කාරගේ ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් 30 වනදායි අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඔහුට ලබන වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා ධූරයේ රැදී සිටින ලෙසටයි මේ වන විට එම්.සී.සී කමිටුව විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යනු එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයායි.

Leave a comment