Ultimate magazine theme for WordPress.

සංගක්කාරගෙන් දෝනිට උපදෙසක්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ ක්‍රිකට් විස්තර විචාරක කුමාර් සංගක්කාර අදහස් පල කර තිබෙනවා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී යි.

මෙවර තරගාවලියේ දී එම්.එස් දෝනි තරග 13කට ක්‍රීඩා කර රැස් කර ගෙන ඇත්තේ ලකුණු 200ක් පමණයි.

මෙතෙක් පැවැති සෑම අයි.පී.එල් තරගාවලියකදීම අර්ධ ශතක වාර්තා කර ඇති ඔහුට මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු අර්ධ ශතකයක් වාර්තා කිරිමට හැකි වී නැහැ.

“මට විශ්වාසයි ඔහුට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා තවදුරටත් ක්‍රීඩා කරන්න වගේම දක්ෂතා දක්වන්න” යනුවෙන් සංගක්කාර කියා සිටියා.

“ඔහු කළ යුතුව ඇත්තේ තරගකාරී ක්‍රිකට් පිටියේ දිගටම රැදී සිටීමයි. ජාත්‍යන්තර තරග හෝ දේශීය තරග ක්‍රීඩා නොකර ඔබගේ අයි.පී.එල් තරග වාර අතර විශාල පරතරයක් තබා ගැනීම සුදුසු දෙයක් නෙවෙයි. තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහු රැදී සිටිය යුතුයි දක්ෂතා අතර රැදි සිටීමටනම්.”

ඒ අනුව එම්.එස් දෝනි ඉදිරියේ දී වෙනත් රටවල පැවැත්වෙන 20යි 20 ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කරාවිද?

එලෙස ක්‍රීඩා කිරීමටනම් ඔහුට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවසරය හිමි විය යුතුයි.

ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තවත් මාස 6ක පමණ කාලයකින් ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ දී ද චෙන්නායි කණ්ඩායමේ නායකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කරනු ඇති බවයි චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා පසුගියදා ප්‍රකාශ කළේ.

Leave a comment