Ultimate magazine theme for WordPress.

ෂොයිබ් මලික්ගෙන් ආසියානු වාර්තාවක්

පන්දුවාර 20යි 20 තරගවලදී ලකුණු 10,000 සීමාව පසු කළ පළමු ආසියානු ක්‍රීඩකයා වීමට පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් සමත් වුණා.

ඒ, ජාතික 20යි 20 ශූරතා (National T20 Cup) තරගාවලිය අතරතුරයි.

38 හැවිරිදි ෂොයිබ් මලික් ලකුණු 10,000 සීමාව පසු කළ ලොව තෙවැනි ක්‍රීඩකයායි.

මීට පෙර කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල් (13,296) සහ කිරන් පොලාඩ් (10,370) මෙම කඩඉම පසු කිරීමට සමත්ව තිබුණා.

ඉන්දීය නායක විරාට් කෝලි ලකුණු 9,123ක් ලබා ආසියානු පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් මේ වන විට 20යි 20 තරග 395 ක් ක්‍රීඩා කර ඇති අතර, එයද ආසියානු වාර්තාවක්.

ඔහු තවත් තරග 5ක් ක්‍රීඩා කළහොත් ඉතිහාසගත වන්නේ 20යි 20 තරග 400ක් ක්‍රීඩා කළ ලොව සිව්වන ක්‍රීඩකයා ලෙසයි.

 

Leave a comment